website templates free download

MAATHA FOUNDATION 
මාතා පදනම

ප්‍රෞඩ ශිෂ්‍ටාචාරයක පුනර්ජීවය උදෙසා

Timeline

...

1 january 2018

1st step

...

2 february 2019

2nd step

...

3 march 2020

3rd step

...

සටන් කලා පාඨමාලාවේ පළමු අදියර

ආත්මාරක්ෂක සටන් කලාව එදිනෙදා ජීවිතයට ඉතාම වැදගත් දෙයක්. මක්නිසාද එය සටනකට පමණක් නොව පුද්ගලයෙකුගේ එදිනෙදා කටයුතු සාර්ථකව කරගැනීම සදහාත් අවශ්‍ය විනය හා හික්මීම ලබා දෙන්නක් වන බැවින්. එම නිසා මාතා පදනමේ අප මේ වන විටත් මධ්‍යස්ථාන කිහිපයකම නොමිලේ සටන් කලා පුහුණු වැඩමුළු පවත්වාගෙන යනවා. ඒ සදහා සටන් කලා සම්ප්‍රදායන් කිහිපයක් ම අප හා අත්වැල් බැදගෙන සිටින බව සතුටින් දැනුම් දිය යුතු කරැණක්. සිසු දරැවන් මත් උවදුරෙන් මුදවා ගෙන ශක්තිමත් අනාගත පරපුරත් ගොඩනැගීම සදහා අවශ්‍ය මූලික අඩිතාලම මේ වන විටත් අප සකස් කොට අවසන්.

ඒ අනුව අප ක්‍රියාත්මක කරන සටන් කලා පාඨමාලාවේ පළමු අදියර මෙලෙස දක්වා සිටිමු.

රන් අසුවනු ව්‍යාපෘතිය පළමු අදියර

වස විස නැති ආහාර රටාවකට හුරැ කිරීම සහ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති ගමක් බිහි කිරීම උදෙසා වන මාතා පදනමේ රන් අසුවනු ව්‍යාපෘතිය පළමු අදියර අප ආරම්භ කරනු ලැබුවා. මෙහිදී සියළුම මාතා අනුකමිටු වල තෝරාගත් පිරිසක් සදහා තෝරාගත් දේශිය එළවලු බීජ බෙදාදීම අපි ආරම්භ කළා. කෘෂි බෝග වගා කිරීමේ සිට ඔවුන්ට හොද වෙළදපොලක් ලබා දීම දක්වා අදියර කිහිපයක් යටතේ මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මකයි.

පියවර සතේ ක්‍රමවේදය

දේවත්වය කියන්නේ මනුෂ්‍යත්වයට එහා ගිය දෙයක්. නමුත් මනුෂ්‍යත්වය කියන්නෙ දේවත්වය හෝ ඉනුත් ඔබ්බට මනස දියුණු කිරීමට ගුණ දම් වැඩිය හැකි උත්තරීතර දෙයක්. ගුණ දම් පුරන මනුශ්‍යයන්ට ශක්‍රයා පවා වැදුම් කරනු ලබන බව බුද්ධ දේශනාවේ සදහන් වෙනවා. එසේ හෙයින් අපි ලබාගත් මනුෂ්‍යත්වය උත්තරීතර මිනිසත් බවකට පරිවර්තනය කර ගැනීමටත්. රට ජාතිය වෙනුවෙන් අපගේ දායකත්වය ලබා දීමටත්. අපගේ සසර ගමන සුරක්ෂිත කර ගැනීමටත් මේ පියවර සතේ ක්‍රමවේදය ඉතා වැදගත් වෙනවා. මාතා පදනමේ අපි අපගේ සියළු ව්‍යාපෘති ඉදිරිපත් කරන්නේ මෙම ක්‍රමවේදයට අනුවයි.

මාතා පදනම 

RECENT NEWS

දේවත්වය කියන්නේ මනුෂ්‍යත්වයට එහා ගිය දෙයක්. නමුත් මනුෂ්‍යත්වය කියන්නෙ දේවත්වය හෝ ඉනුත් ඔබ්බට මනස දියුණු කිරීමට ගුණ දම් වැඩිය හැකි උත්තරීතර දෙයක්. ගුණ දම් පුරන මනුශ්‍යයන්ට ශක්‍රයා පවා වැදුම් කරනු ලබන බව බුද්ධ දේශනාවේ සදහන් වෙනවා.

SUBSCRIBE

Get monthly updates and free resources.

CONNECT WITH US